පාසල් පුවත් සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ
සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

Added By : Vidubima Admin
Date : May 29, 2023 08:50 am
Views :

à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වීමට නියමිතය.

පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව à¶­à·’à¶¶à·š.

ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

මේ à¶…à¶­à¶» මෙවර විභාගය සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 10 දෙනෙකු පෙනී සිටීමට නියමිත à¶¶à·€ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය à¶´à·Š‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මේ à¶…à¶­à¶» විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සිසු සැරිය බස් රථ සේවාව à¶šà·Š‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

පාසල් ළමුන් à¶´à·Š‍රවාහනය කිරීම සඳහා යොදවනු ලබන සිසු සැරිය බස් රථ සේවාව පාසල් නිවාඩුව ලබාදීමත් සමග නතර කිරීම සිදුවු ද සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව එම බස් සේවාව à¶šà·Š‍රියාත්මක කිරීමට සැලසුම් à¶šà¶» ඇති à¶¶à·€ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ à¶…à¶­à¶» මාධ්‍ය හමුවකට එක්වෙමින් පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අවහිරයකින් තොරව බස් රථ ධාවනයට යොදවන බවය.

"à¶’ වගේම මම සේවක මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා පොඩි පොඩි දේවල්වලට බස් වර්ජනය කරන්න සුදානම් වෙන්න එපා. සේවක ගැටලුවක් ආවොත් හදිසි බස් වර්ජනයකට නම් කිසිසේත්ම යන්න සුදානම් වෙන්න එපා. මට à¶’ වෙලාවේ දී කතා කරන්න. විභාගයට පෙනී සිටින දරුවන්ට à¶´à·Š‍රමුඛතාවය ලබාදෙන්න. මුදල් ගැන හිතන්න එපා. සල්ලි දුන්නත් නැතත් දරුවන්ව එක්කන් යන්න කටයුතු කරන්න විභාග මධ්‍යස්ථාන කරා. බස් රථ 12,000à¶šà·Š සාමාන්‍ය පරිදි අඛණ්ඩව ධාවනය කරනවා."

-derana-

Recently Added News