අප ගැන..

Vidubima.com වන අප රාජ්‍ය නොවන අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙමගින් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවේ විද්‍යා විෂය ධාරාවට අයත් ඉගෙනුම්-ඉගැන්වීම් සම්පත් සපයනු ලබයි.

දැනුම සොයා යන ඕනෑම පුද්ගලයෙකු හට විවර වී ඇති මෙම වේදිකාව සම්පූර්ණයෙන් නොමිලේ සපයන සේවාවක් වන අතර අසීමිත අන්තර්ජාල අවකාශය තුල විසිරී පවතින 6 - 13 ශ්‍රේණි වල විද්‍යා විෂය ධාරාවට අයත් ඉගෙනුම්-ඉගැන්වීම් සම්පත් පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට එක් ස්ථානයකට ගොනු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙහි ඇති ඉගෙනුම් සම්පත් හැකි පමණ භාවිතා කොට ස්වකීය විද්‍යා දැනුම වැඩි දියුණු කර ගැනීමට සියළු විද්‍යා ගුරුවරුන්, පාසල් දරුවන් ඇතුළු විද්‍යා දැනුම ගවේශකයනට හෘදයාංගමව ඇරයුම් කරන අතර මෙම සම්පත් හැකි පමණ අන්තර්ජාල පහසුකම් හෝ ස්මාර්ට් උපාංග නොමැති, මෙම සේවාව හා සම්බන්ධ වීමට නොහැකි ඔබේ සහෘදයන් සමග බෙදා හදා ගැනීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

වඩා ගුණාත්මක සේවාවක් ලබා දීම සදහා මෙම පද්ධතියේ ගුණ දොස් පෙන්වා දෙමින් අපට සහය වන ලෙස ඉල්ලා සිටින අතර ශ්‍රී ලාංකීය විදු දැනුම් ක්ෂේත්‍රය ඔප් නැංවීමට දායක වීමට ඔබ සැමට හැකියාව ලැබේවා..!

Our Vision

"School Science Education Through e-Learning"



Our Mission

"Empower The Science Teachers and The Students for Science Education by Providing Quality Teaching and Learning Aids"