පාසල් පුවත් විද්‍යාපීඨ සම්බන්ධයෙන් හදිසියේම ගත් තීරණය
විද්‍යාපීඨ සම්බන්ධයෙන් හදිසියේම ගත් තීරණය

Added By : Vidubima Admin
Date : Apr 08, 2024 07:27 pm
Views :

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීම යටතේ අයදුම්කිරීමේ කාලසීමාව එළැඹෙන 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා එම නිවේදනය නිකුත් කර ඇත.

පසුගිය 05 දින සිට අප්‍රේල් 10 වනදා දක්වා අයදුම්පත් යොමුකළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදුකළ යුතු නම් අප්‍රේල් 11 වනදා සිට අප්‍රේල් 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

-derana-

Recently Added News