මේ වසරේ රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද (22) ආරම්භ වේ.
ඒ සඳහා වන උත්සවයක් ඇඹිලිපිටිය බෝධිරාජ විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්යෙන් උත්සවය පැවැත්වෙනු ඇත.
මීට සමගාමීව පළාත් සභා මට්ටමින්ද පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
-news1st-