ආපදා තත්ත්වයන් හේතුවෙන් පළාත් කිහිපයක පාසල්වලට අද (04) නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ, පවතින අධික වැසි සමග ඇති වූ ගංවතුර සහ ආපදා හේතුවෙනි.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, සබරගමුව පළාතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල සියලු පාසල්, දකුණු පළාතේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්, බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හා හෝමාගම කලාපයටත් නිවාඩු ලබා දී ඇති බවයි.
මේ අතර ගම්පහ සහ කැලණිය කලාපවල සියලු පාසල්වලට ද අද නිවාඩු ලැබෙනු ඇති.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කඩුවෙල කොට්ඨාසයේ පාසල් සියල්ල ද අද වසා තැබෙන බවයි.
පවතින ආපදා තත්ත්වය හමුවේ දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා එම නිවාඩුව ලබා දී තිබේ.
අදින් දිනෙන් පසු ඇති වන කාලගුණ තත්ත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇත.
-news1st-