පාසල් පුවත් 8 වන ශ්‍රේණියට අලුත් වෙනසක්
8 වන ශ්‍රේණියට අලුත් වෙනසක්

Added By : Vidubima Admin
Date : Mar 13, 2024 08:46 pm
Views :

පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාව හඳුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

එහි නියමු ව්‍යාපෘතිය එළැඹෙන මාර්තු 19 වන දා පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග මයික්‍රෝසොෆ්ට් ආයතනය එක්ව සිටින අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබාදීමට ඒ අනුව හැකිවන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

-derana-

Recently Added News