පාසල් පුවත් විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Mar 01, 2024 08:00 pm
Views :

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 6 වනදා සිට මැයි 15 දක්වා පැවැත්වේ.

2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරිදා පැවැත්වේ.

2024 අපොස උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 සිට 2024 දෙසැම්බර් මස 20 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි.

මේ අතර 2024 වර්ෂයට අයත් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට යෝජිත දිනයන් ඉදිරියේ දී දැනුම්දෙනු ලැබේ.

-derana-

Recently Added News