පාසල් පුවත් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර ඇරඹෙයි
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර ඇරඹෙයි

Added By : Vidubima Admin
Date : Jul 01, 2023 09:18 am
Views :

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස 04 වනදා සිට ආරම්භ කරන බව දැනුම්දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 2023.08.07 වනදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවය.

මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබයි.

අයදුම්පත් http://www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාළ සියලු තොරතුරු ලබා ගත හැකිය.

070-3555970-79 දක්වා දුරකථන අංක අමතා වැඩි විස්තර විමසිය හැකිය.

-derana-

Recently Added News