පාසල් පුවත් 2024 සංශෝධිත පාසල් වාර සටහන නිකුත් කරයි
2024 සංශෝධිත පාසල් වාර සටහන නිකුත් කරයි

Added By : Vidubima Admin
Date : Mar 02, 2024 07:18 pm
Views :

2024 වර්ෂයේ සංශෝධිත පාසල් වාර සටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පෙබරවාරි මස 19 වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 24 වනදා සිට මැයි මස 03වනදා දක්වා ක්‍රියාත්මක වන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වනදා සිට මැයි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

දෙවන පාසල් වාරය ජුනි මස 03 වනදා සිට අගෝස්තු මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2024 වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස 26 වනදා සිට නොවැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගයෙන් අනතුරුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස 02 වනදා ආරම්භ කිරීමට නියමිතය.

2024 තෙවන පාසල් වාරය අවසන් වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ ජනවාරි මස 17 වනදා බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

වැඩි විස්තර පහතින්,

-derana-

Recently Added News