පාසල් පුවත් 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට AI විෂය හඳුන්වාදීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ
8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට AI විෂය හඳුන්වාදීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

Added By : Vidubima Admin
Date : Mar 22, 2024 06:48 pm
Views :

8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා කෘත්‍රිම බුද්ධිය හෙවත් AI විෂය හඳුන්වාදීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ පස්වරුවේ සිදු කෙරිණ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අතරයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉන්දීය සහ දකුණු ආසියානු කලාපයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියේ ය.

පළමු අදියරේදී AI විෂය මාලාව හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 20 ක, පාසල් 20 ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

2025 වන විට දිවයිනේ සියලු පාසල්වලට එම විෂය හඳුන්වාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි.

-news1st-

Recently Added News