රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසැල් සඳහා විදුහල්පතිවරුන් 54 දෙනෙකු බඳවා ගැනීමට නොහැකි වී ඇති බව සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පවසයි.
ඔහු සඳහන් කළේ, ස්වාධින කොමිෂන් සඳහා විශාම ගිය පුද්ගලයින් පත් කිරීම මඟින් එහි කටයුතු ආකාර්යක්ෂම වී ඇති බවය.
"දැන් මාස 6ක් තිස්සේ අපි උත්සාහ කරනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමැතිය දීලා නෑ ඒවා ගැසට් කරන්න. ඉතින් මේ ස්වාධීන කොමිෂන් සභා හැදුවට මේවට ඔය විශ්‍රාම ගිය අය දාලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා මම ළඟදීම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා. අවසරය ඉල්ලලා දැන් මාස 6ක්. හැම සතියක් පාසාම අවසර දෙන්න කියනවා. අවසර දෙන්නේ නෑ. ඉතින් බලන්න ස්වාධීන කොමිෂන් සභා කොච්චර අසාර්ථක ද කියලා. රටේ වැඩක් කෙරෙන්නේ නෑනේ."
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බවද සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.
"උසස් පෙළ ප්‍රශ්නපත්‍ර තවම පරීක්ෂා කරනවා. ඒක පෙබරවාරි මාසයේ අග වෙද්දි අවසන් වෙයි. ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා. ඒ සියල්ල ඉවර කරලා, සාමාන්‍ය පෙළ ආරම්භ වීමට මත්තෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට තමා විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන්නේ."
-derana-