5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්දන ධුමායන කටයුතු සිදු කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව අදාළ අංශවලට දැනුම්දී තිබේ.
2023 ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888 කදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර, ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන, සම්මන්ත්රණ ,උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ද ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් වෙයි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ , එම තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
පෙරවරු 9.30 සිට 10 .45 දක්වා දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර පළමු වැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙයි.
-news1st-