පාසල් පුවත් උ/පෙළ පිළිතුරු පත් ඇගයීමට ගුරුවරුන්ගෙන් අයැදුම්පත් කැඳවීමට දුන් කාලය අද මැදියම් රැයෙන් අවසන්
උ/පෙළ පිළිතුරු පත් ඇගයීමට ගුරුවරුන්ගෙන් අයැදුම්පත් කැඳවීමට දුන් කාලය අද මැදියම් රැයෙන් අවසන්

Added By : Vidubima Admin
Date : May 04, 2023 08:14 am
Views :

උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා ගුරුවරුන්ගෙන් මාර්ගගත ක්‍රමයට අයැදුම් පත් කැඳවීමේ කාලය අද (04) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

එම කාලය පෙරේදා (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබුණි.

මෙවර උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා විශ්‍රාමික ගුරුවරුන්ට ද අවස්ථාව හිමි වුණි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ගෙන් එලෙස අයැදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවන බවයි.

මේ අතර උසස් පෙළ විෂයන් දෙකකට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වනවිට ආරම්භ කර ඇත.

තවත් විෂයන් 8 කට අදාළ පිළිතුරු පත් ඇගයීම ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

-news1st-

Recently Added News