පාසල් පුවත් සාමාන්‍ය පෙළ විභාගය අරඹන දිනයේ වෙනසක් නෑ - ඇමති
සාමාන්‍ය පෙළ විභාගය අරඹන දිනයේ වෙනසක් නෑ - ඇමති

Added By : Vidubima Admin
Date : Apr 25, 2023 01:21 pm
Views :

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අද (25) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ප්‍රශ්න පත්‍ර 10ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බවය.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ කල්වේලා ඇතිව දැනුම්දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

"ඇත්ත වශයෙන්ම මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා FUTA එකට. ඒ අය මාත් එක්ක නිරන්තර සංවාදයෙන් හිටියේ. පෙරේදා එවපු ලිපියට පිළිතුරු මම ඊයේ යැව්වා. ඒ අය සාධනීය ලෙස ඒක ගැන බලාවි. අද වෙද්දි ඒ ප්‍රශ්නය විසඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඊයේ පේපර් 10ක චීෆ්ලා ඇවිල්ලා ඒ කටයුතු ආරම්භ කළා. තව වැඩක් අපි කළා මේ විභාගයේ ප්‍රතිඵල දීම ප්‍රමාද වීම වැළැක්වීමට වෙනදාට න්‍යායාත්මක ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවනේ පස්සේ තමා ප්‍රායෝගික පරීක්ෂණ පටන් ගන්නේ. මේ සැරේ අපි ගුරු සංගම් ටික එකඟවුණ නිසා අපිට පුළුවන් වුණා ප්‍රායෝගික පරීක්ෂණ කලින් තියන්න. ඒ වගේම මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩිකරන්න කටයුතු කරගෙන යනවා විභාග දෙපාර්තමේන්තුව. එතකොට විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට ගතවෙන කාලය අඩුකරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට සියලු කටයුතු සුදානම් කරගෙන යනවා සාමාන්‍ය පෙළ විභාගය 29 වනදා පැවැත්වීමට. දින 10 කදී සාමාන්‍ය පෙළ අවසන් වෙනවා."

-derana-

Recently Added News