පාසල් පුවත් පාසල් නිවාඩුව ගැන දැනුම්දෙයි
පාසල් නිවාඩුව ගැන දැනුම්දෙයි

Added By : Vidubima Admin
Date : Apr 09, 2024 07:38 pm
Views :

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ කෙරෙන බවය.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වෙයි.

මේ අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ වෙයි.

-derana-

Recently Added News