2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාරක පන්ති පැවැත්වීම, අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම හා මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බවයි.
විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වූ බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම්ය.
විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් අදාල නියෝග නොසලකා ක්‍රියා කරන්නේ නම් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, ලබන 29 වැනි දා සිට ජුනි 08 වැනි දා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568 කදී පැවැත්වීමට නියමිතව තිබේ.
-news1st-