පාසල් පුවත් ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 1000ක් බඳවා ගන්න පියවර
ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 1000ක් බඳවා ගන්න පියවර

Added By : Vidubima Admin
Date : Apr 04, 2024 09:45 pm
Views :

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවය.

කොන්ත්‍රාත් පදනමින් වසර 3ක් සඳහා බඳවා ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා සම්බන්ධව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලැබී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, ඉදිරි දින කිහිපය තුළදී ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බවයි.

දැනට තිබෙන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයකින් මෙම දීමනා වැඩි කිරීමට යෝජනා වී ඇති බවත් ඒ අනුව කටයුතු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

-news1st-

Recently Added News